Wednesday, April 13, 2016

Jaya Piritha - Sinhala Translation

Jaya Piritha - Sinhala Translation

ශ්‍රී සෞභාග්‍ය ධෛර්ය, බුද්ධි තේජස්‌ ඇත්තා වූ ද ජය සිද්ධිමහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූද
අප්‍රමාණ පුණ්‍යසම්පත්තියක්‌ ඇත්තා වුද සකලාන්තරාය දූරිභූත කිරීමේ ශක්‌තිය ඇත්තා වූද
ඒ භාග්‍යවත් අරහත් සම්‍යක්‌ සම්බුද්ධයන් වහන්සේගේ
දෙතිස් මහා පුරිස ලකුණු අනුහසින් ද
අසූ අනූව්‍යඤ්ජන ලකුණු අනුහසින්ද
එකසිය අටක්‌ මඟුල් ලකුණු අනුහසින්
සවණක්‌ ඝණ බුදුරැස්‌ අනුහසින්ද
කේතුමාලාවේ අනුහසින්ද
දස පාරමිතාවන්ගේ අනුහසින්ද
දස උප පාරමිතාවන්ගේ අනුහසින්ද
දස පරමත්ථ පාරමිතාවන්ගේ අනුහසින් ද
සීල සමාධි ප්‍රඤඅවන්ගේ අනුහසින් ද
සම්බුදුරදුන්ගේ අනුහසින්ද
සදහම් බලයේ අනුහසින්ද
මහ සඟරුවනේ අනුහසින් ද
තේජස්‌වල අනුහසින්ද
ඉර්ධිවල අනුහසින්ද
බලපරාක්‍රමයේ අනුහසින්ද
දැනගත යුතු ධර්මයේ අනුහසින් ද
අසූහාර දහසක්‌ ධර්මස්‌කන්ධයේ අනුහසින්ද
නව ලෝකෝත්තර ධර්මයේ අනුහසින්ද
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අනුහසින්ද
අටසම්වත් අනුහසින්ද
ෂඩ් අභිඥවන්ගේ අනුහසින්ද
මෛත්‍රී කරුණා මුදිතා උපේක්‌ඛඅ ගුණ අනුහසින්ද
සියලු පාරමිතාවන්ගේ අනුහසින්ද
තෙරුවන් සරණේ අනුහසින්ද
ඔබගේ
සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද
සියලු දුක්‌ දොම්නස්‌ ද දුරුවේවා·
ඔබගේ සියලු පැතුම් ඉටුවේවා·
දීර්ඝායුෂ ලබා සියවසක්‌ ජීවත්වීමේ වාසනාව
උදාවේවා·
අහස, පර්වත, වන භූමි, තටාකයන්හිද
ගංගා හා මහා සමුද්‍රයන්හි ද ආරක්‍ෂක
දෙවිදේවතාවෝ
සැමදා ඔබ රකීවා·
සියලු බුදු බලයෙන්ද
සියලු සදහම් බලයෙන්ද
සියලු සඟ සරණින්ද
බුදු දම් සඟ යන
රත්නත්‍රයේ බලයෙන්ද
අසූහාර දහසක්‌ ධර්මස්‌කන්ධයේ බලයෙන්ද
තුන් පිටකයේ බලයෙන් ද
ඔබගේ සියලු රෝග ද
ඔබගේ සියලු බිය ද
ඔබගේ සියලු රෝග අන්තරායන් ද
ඔබගේ සියලු උවදුරු ද
ඔබගේ සියලු අසුබ නිමිති ද
ඔබගේ සියලු අවමංගල්යන් ද විනාශ වේවා·
ආයු වැඩිවේවා·
ධනය වැඩිවේවා·
සිරිය වැඩිවේවා·
යසස වැඩිවේවා·
බලය වැඩිවේවා·
පැහැය වැඩිවේවා·
සැපය වැඩිවේවා· ජයම වේවා·
සියලු දුක්‌ රෝ බිය වෛරය
සෝක උවදුරු
අනේක අනතුරු දුරුවේවා සාමය ලැබේවා·
ජය ධන ලාභ
යහපත සැප බලය
ආයුෂ සිරුර පැහැය
සම්පත යසස දියුණුව
සියවස්‌ ආයු ලැබ
ඔබ නිබඳව සැරදේවා

No comments:

Post a Comment